රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට සියයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.
කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මෙය පැනවිය යුතු බවට ඔහු සදහන් කර සිටියි.
දෙරණ නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට ඊයේ (12දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.