මස්කෙළිය බ්රවුස්වීක් වතුයායේ හටගත් ගින්නකින් විනාශයට පත්වු නිවාස සදහා නව නිවාස ඉදිකර දිමට ඉදිරියේදි පියවර ගන්නා බව වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.
ජිවන් තොණ්ඩමන් මහතා මේ බව පවසන ලද්දේ මස්කෙළිය බ්රවුන්ස්වීක් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වු නිවාස බැලිමට හා එම නිවාසවල සිට අවතැන්වු පිරිස් හමුවිමට ගිය අවස්ථාවේදිය.
මෙහිදි වැඩිදුරටත් කරුණු දැක්වු ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ ගින්නෙන් විනාසයට පත් නිවාස 20 සදහා නව නිවාස ඉදිකරදිමට ඉදිරියේදි කටයුතු කරන බවත් ඒ සදහා අවශ්‍ය ඉඩම් කොටසක් සොයා බැලිම සදහා අදාල නිළධාරින්ට උපදෙස් ලබා දිමට පියවර ගන්නා බවත්ය.
එමෙන්ම මෙම ගින්නෙන් අවතැන්ව සිටින පිරිසගේ සුභ සාධන කටයුතු පිළිබදව සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහන සැලසිමට කටයුතු කරන ලෙස මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට අවශ්‍ය උපදෙස් ලබා දිමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්