මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 5 දෙනෙකු අද (19) දින උදැසන රෝහල ඉදිරිපිට සත්‍යයග්‍රහයක නියැලි සිටියහ.
දමිළ ප්‍රගිතිශිලි සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය යන වෘත්තිය සමිති නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් මෙසේ සත්‍යග්‍රහයේ නියැලි සිටියේය.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පස්දෙනෙකු සත්‍යග්‍රහයේ නියැලි සිටිමින් මාධ්‍යයට මෙසේ අදහස් ප්‍රකාශ කළහ.
නල්ලතන්නිය , මස්කෙළිය , සාමිමලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට දිනපතා තේ වතු ගණනාවක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් ප්‍රතිකාර ලබා ගැනිමට මස්කෙළිය රෝහලට පැමිණියද රෝහලේ දැනට දිස්ත්‍රික් වෛද්‍යවරයා සහ තවමත් වෛද්‍යවරියන් දෙදෙනෙකු සේවයේ රැඳි සිටියත් එම වෛද්‍යවරුන් නිවාඩු ලබා ගන්නා අවස්ථා වල රෝගින් දැඩි අසිරුතාවයට පත් වන බවත්, රෝහලේ වෛද්‍යවරුන්ට අමතරව හෙදියන් සහ කාර්යය මණ්ඩලයේ විශාල අඩුපාඩුවක් ද රෝහල තුළ වෙනත් අඩුපාඩුකම් රැසක් පවතින බව සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කියා සිටියහ.
මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් මිට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා දැනුවත් කරද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බව සත්‍යග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් මෙසේ පැවසුහ.
සිවුමහල් ගොඩනැගිල්ලක් සහිත මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවත්, ශ්‍රිපාද වන්දනා සමයේදි හදිසියේ රෝගාතුර වන වන්දනාකරුවන්ද ප්‍රතිකාර ලබා දිමට රැගෙන එනු ලබන්නේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට බව සත්‍යයග්‍රහයේ නියැලි සිටින ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පැවසුහ.
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පි.ආනන්දන්, පි රාජ් අශෝකන් , කේ රවින්දරාජ් , එස් සුබ්‍රමණියම් , කේ රාජ් කුමාර් යන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සත්‍යයග්‍රහයේ නියැලි සිටිති.