රුසියාවේ මොස්කව්හි පදිංචිකරුවන්ගෙන් 12.5%ක් පමණ හෙවත් මිලියන 1.5ක පමණ ජනතාවක් නව කොරෝනා වෛරස් සඳහා ප්‍රතිදේහ ඇති බවට ගණන් බලා ඇති බව නගරයේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
පසුගිය සති දෙක තුළ පදිංචිකරුවන් 50,000කට වැඩි පිරිසක් සම්බන්ධ කරගැනීමෙන් පසුව මෙම දත්ත නිකුත් කර ඇත.
රුසියානු අගනුවර මැයි 15 වැනි දින විධිමත් ලෙස දැවැන්ත නිදහස් කොරෝනා වෛරස පරීක්ෂණ වැඩසටහනක් දියත් කළ අතර මොස්කව් වැසියන් අහඹු ලෙස තෝරාගෙන නගර සායන 30න් එකකට නොමිලේ ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පැමිණීමට ජනතාව උනන්දු කළහ. නගරය තුළ වෛද්‍ය සේවකයන් සහ රෝගීන්ද ප්‍රතිදේහ සඳහා පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇලෙක්සි ක්රිපුන් ප්‍රකාශ කළේය.
"මොස්කොව්වරුන් අතර එවැනි ප්‍රතිශක්ති ප්‍රතිශතයක් ස්වයං හුදකලා කිරීමේ ක්‍රමවේදය තරමක් මෘදු කිරීමක් වෙත යොමු විය හැකියි" ක්රිපුන් පැවසීය. "ඊයේ මොස්කව් නගරාධිපතිවරයා සැලසුම් සහගත වෛද්‍ය ප්‍රතිකාර පුළුල් කිරීමට තීරණය කළා. මොස්කව් ස්වයං-හුදකලා කිරීමේ දැඩි පාලන ක්‍රමවේදය ක්‍රමයෙන් ඉවත් වන්නේ කෙසේද යන්නට මෙය නිදසුනක්."
මොස්කව්හි බලධාරීන් පැවසුවේ වසංගතය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් හොඳින් දැනුම් දීම සඳහා මෙම පරීක්ෂණ වැඩසටහන සැලසුම් කර ඇති බවයි. නගරයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශයෙන් කියැවුණේ ප්‍රතිඵලය ලෝකයේ වෛරසයට මුලින්ම මුහුණ දුන් නගර හා සැසඳිය හැකි බවයි.
කෙසේ වෙතත් මේ වනවිට රුසියාවෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 335,882ක් වාර්තා වන අතර, එරට මරණ සංඛ්‍යාව 3,388කි. එසේම සුවය ලැබූවන් 107,936කි.