රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ දේශකවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා අද (06දා) දිවයිනෙන් පිටත්ව යන හෙයින් විපක්ෂ නායක තනතුරේ වැඩබැලීමේ කටයුතු විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා වෙත පවරා තිබේ.
මීට අමතරව පක්ෂය මෙහෙය වීමේ කටයුතු මාසයකට නායකත්ව මණ්ඩලයටත්, පක්ෂනායේ නායකත්ව කාර්යයන් ආවරණය කිරීම නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරු ජයසූරිය මහතාටත් පවරා තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා දේශකයෙක් ලෙස කටයුතු කරන අතරතුළදී බොස්ටන් සහ හාවඩ් විශ්වවිද්‍යාලය තුළින් අධ්‍යාපනය හැදෑරීමටද නියමිතය.