වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඳ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් අසාදනය වී සිය නිවසේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව විමසීමට අප දුරකථනයෙන් ඒ මහතා සම්බන්ධ කොටගත් අතර එහිදී ඒ මහතා පැවසූයේ තමා පළමුව ඇස්ට්‍රාසෙනිකා ප්‍රතිශක්තිකරණ එන්නතතද දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ප්‍රතිශක්තිකරණ එන්නතද ලබාගෙන ඇතත් මේ වන විට තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ඒ මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව පැවසීය.
ඒ අනුව antigen පරීක්ෂණයෙන් තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අදාල වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුව දින 10ක කාලයක් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් නිරෝධානයට යොමු වු බව පැවසීය.
තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීමත් සමග සිය දරු දෙදෙනාගේ සහ බිරිඳගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකල බව සඳහන් කළ ඒ මහතා ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නැතැයි පැවසීය.
ලෝකේ ඇති හොඳම මිශ්‍ර හා ගැලපුම් සංයෝජනය (mix and match combination) ලෙස ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ගැන වෛද්‍ය මතයක් පවතින බව සඳහන් කරන ඒ මහතා සියලු සෞඛ්‍ය පිළිවෙත් රැකි තමාට මේ ආකාරයෙන් කොවිඩ් වැළඳුණේ කෙසේ දැයි හිතාගත නොහැකි බවද පැවසීය.
කොවිඩ් ආසාදනය වීමට ඉඩක් නැති වන ආකාරයට මුඛ ආවරණ පලදිමින්, විෂබීජහරණ දියර භාවිතා කරමින් නොයෙකුත් ආකාරයට සෞඛ්‍ය රැකි තමාට මෙම රෝගය වැළඳීමත් සමඟ තව තවත් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා