"මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බැ. අපි කරලා තියෙන්නේම හොඳ වැඩ එදා ගොඨාභය රාජපක්ෂ මැතිතුමාටත් බෝම්බ ගැහුවා" යැයි කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බිබිල මැදගම පාලමකට මුල්ගල තැබීමේ උත්සවයකදී පැවසීය.
පසුගිය 22 දින බිබිල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට සහභාගි වු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අධික වර්ෂාව තිබියදි මැදගම සිට මෙණරාගල බලා තම නිළ රථයෙන් පුබ්බාර සපත්තු පාලමෙන් ගමන් කරමින් සිටියදි ප්‍රදේශයට ඇද හැලුන අධික වර්ෂාව නිසා
පුබ්බාර මන්දප්පන් ඔයේ ජලය පාලම මතින් ප්රචණ්ඩව ගලාගෙන යද්දී ඇමතිවරයා ගමන්ගත් රථය ඒ මතින් ගැනීමට උත්සාහ කිරීමේදි වාහනය සැඩ පහරට හසුවී මීටර් පනහක පමණ දුරකට ජලයේ ගසා ගෙන ගොස් තිබෙන අතර එයින් කිසිවෙකුටත් කිසිදු අනතුරක් නොවීය.
අනතුර සිදුවී දින හතක් තුළදි අනතුර සිදුවු සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට අමාත්‍යවරයා වැඩ ආරම්භ කළේය. ඒ සදහා ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 15 ක මුදලක් වෙන්කර තිබේ.
"මම හොඳ වැඩ කරලා තියෙන නිසා තව ටික කාලයක් ජීවත්වෙන්න අවස්ථාව ලැබුණා.මම කිසිවෙකුටත් හිතලා කරදරයක් කරලා නෑ. වෙල්ලස්සේ සියලුම දෙනාටම වාසනාව තියෙනවා කරන හොද තමන්ගේ පන්සෙන් එනවා වගේම කරන නරකත් පස්සෙන් එනවා. මම
ගිය ආත්මේ කරපු පවක් නිසා මේ අනතුර වෙන්න ඇති. නමුත් මම කරලා තියෙන පිං ඊටත් වඩා වැඩියි. හොඳ වැඩ වලට අපි හැමදාම දායකත්වය දෙනවා.
අනතුර වුණ වෙලාවේ ගමේ මිනිස්සු මාව බේරාගන්න වතුරට පැන්නා මම බය වුණා. මේ අයට කරදරයක් වෙයිද කියලා කිසිවෙකුටවත් එදා අනතුරක් වුණේ නෑ. මට උදව් කරපු හැම කෙනාටම මම ස්තුති කරනවා.
එදාම සවස මෙතනට පාලමක් හදන්න මාර්ග ඇමතිතුමාත් ඌවේ ආණ්ඩුකාරතුමාත් මට කතා කළා. නමුත් මෙතනට පාලමක් හදන්න මුදල් වෙන් කරලයි තිබුණේ. මම වතුරේ ගසාගෙන ගිය නිසාම මේ පාලම හදනවා නොවෙයි. වෙල්ලස්ස ගොඩ ගන්න මම හැම කැපකිරීමක්ම කරනවා. ටික කාලයක් නැවතී තිබුන සංවර්ධනය මම දැන් වෙල්ලස්සට නැවතත් ගේනවා"
ලුණුගල ප්‍රසන්න