ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (25දා) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ මාධ්‍ය‘වේදීන් හා පැවැති සුහද හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය ජනතාවට පීඩාකාරීව බලපා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන ඉදිරිපත් වී ඇතැයි කී හෙතෙම ලබන අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍ර‘යේ වෙනසක් සිදු කිරීමට තමා අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමද ඉන්ධන මිල ඉහළ යෑමට බලපා ඇතැයි කී ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවට පමණක් අදාළ වන කාරණයක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල මුදල් අවප්‍රමාණය වෙමින් පවතින බවද කීය.
මේ නිසා පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කළ යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය.
රන්ජිත් ආනන්ද ජයසිංහ නිව්යෝර්ක් නුවර සිට.... (ඉරිදා දේශය)