මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රය වෙනස් වෙනු ඇති බවයි. ඔහු අද (31දා) සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
එසේම පුද්ගලයන්ගේ බදු ගෙවීමේ හැකියාව අනුව බදු අය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එය මී මැස්සෙක් මලකින් රොන් ගන්නා ලෙස එය කළ යුතු් බවත් අගමැතිවරයා සඳහන් කළේය.