මැලේසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා එරට සමාජ හා ආර්ථික අංශයන්හි සති දෙකක් සම්පූර්ණ අගුලු දැමීමක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් සහ රාජ්‍ය මාධ්‍ය බර්නාමා ප්රවෘත්ති ඒජන්සිය සිකුරාදා වාර්තා කළේය.
මැලේසියානු ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් අගුලු දැමීම අධීක්ෂණය කරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව ජුනි 01දා සිට ලැයිස්තුගත අත්‍යවශ්‍ය ආර්ථික හා සේවා අංශ හැර සෙසු සියලුම අංශ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙයි.
කොවිඩ්-19 ආසාදිතයන්ගේ නවතම වැඩිවීමට මෙම තීරණයට හේතු වී ඇති බව පවසන මැලේසියාව, දෛනික ආසාදන 8,000 ඉක්මවන සහ සක්‍රීය රෝගීන් 70,000ක් ඉක්මවන තත්ත්වයක, ඉහළ හා වේගවත් ආසාදන අනුපාතයක් සහිත නව ප්‍රභේදයක් රට තුළ සම්ප්‍රේෂණය වන බව කියයි.
එරට ජාතික ආරක්ෂක කවුන්සිලයට අනුව, වසංගතය හේතුවෙන් පුද්ගලයින් 2,552ක් මියගොස් ඇති අතර, එම සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.