උතුරු හා නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීමේ කටයුතු යටතේ, ආරක්ෂක අංශ යටතේ පවතින තවත් ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ පැවැති මන්නාරම,මුල්ලිකුලම්හි පිහිටි අක්කර 23ක හා මුලතිව්, මුල්ලිවයික්කාල්හි පිහිටි අක්කර 53ක භූමි ප්‍රමාණයක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 224 සේනාංකය ස්ථාපිත කර ඇති ත්‍රිකුණාමලය, තොප්පූර්හි අක්කර 03ක භූමි ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා වන යෝජනාව පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතුඅමාත්ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලටය ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීතිබේ.