කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා 95 කින් 94 ක්ම ඍණාත්මක වී ඇති බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම ආශ්‍රිතයන් පිරිස ඊයේ (31) මල්ලවපිටිය කුමර විදුහලේදී පීසීආර් පරීක්ෂණයට ලක් කෙරිණි. එහිදී පුද්ගලයන් 95 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට යොමු කෙරුණු අතර ඉන් එක් අයෙකු පමණක් නැවත පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.
මීට දින කීපයකට පෙර මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශයේ පවත්වාගෙන යන මාළු අලෙවිසැල් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකුම වාර්තා වූ අතර එම ආසාදිතයින් අතර අවුරුදු හතර හමාරක කුඩා පිරිමි දරුවෙකුද විය. මෙම පරීක්ෂණ වාර්තා සියල්ලම දිනක් වැනි කෙටි කාලයකදී ලැබීමද විශේෂත්වයකි.