මුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පී.සී.ආර්. යන්ත්රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
පැය 10ක පමණ කාලයක් ගත කර ඔවුන් තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති අතර එය නිවැරදි කිරීමෙන් අනතුරුව සඳුදා සිට පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක කිරීමට හැකිවෙනු ඇතැයි තානාපති කාර්යාලය නිවේදනය කරයි.
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් මත ජුනි මාසයේදී මුල්ලෙරියාව මූලික රෝහලේ නව රසායනාගාරයක් ඉදිකර ඇති අතර මේ දක්වා එහි පරීක්ෂණ 26000ක් පමණ සිදුකර තිබේ.
යන්ත්රයෙන් තාක්ෂණික දෝෂයක් හට ගත්තද දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 200-300ත් අතර ප්රමාණයක් සිදුකිරීමට හැකිව තිබේ. යන්ත්රය යළිත් සම්පූර්ණයෙන්ම ක්රියාත්මක වන විට පැය 12කට වරක් පී.සී.ආර්. පරීක්ෂණ 500ක් පමණ සිදුකිරීමට අවස්ථාව පවතී.