කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය වාරික හා කල්බදු වාරික සහනය හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින මූල්‍ය ආයතවලින් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
“වාණිජ බැංකු, විශේෂිත බැංකු, මූල්‍ය සමාගම් වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂයට යටත් ආයතවලින් සේවා ලබාගෙන ඇති අයට පමණයි මූල්‍ය සහනය හිමිවන්නේ.
කවුරුහරි කිව්වොත් සණසකින් ගත්ත ණය කපා හැරියා, ණය සහනයක් ලැබුණේ නෑ කියලා. ඒක හරි මොකද ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නොමැති නිසා.
කෙසේ වෙත් අධීක්ෂණය යටතේ පසුවන ආයතනවලින් සහනය නොලැබුණානම් ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් අපිට සොයලා බලන්න පුළුවන්”