අනුරාධපුර නව නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක ශාඛාවක කලමනාකරු වශයෙන් කටයුතු කල නිලධාරියෙකු අද (17දා) කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනයවු යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රියට පැන දිවි නසාගෙන ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මයිලගස්හංදිය, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක කලමනාකරු වශයෙන් කටයුතු කල දෙදරු පියෙකුවූ ඉෂාන් සමීර රත්නසිරි (37) දුම්රියට පැනිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු යතුරු පැදියෙන් පරසන්ගස්වැව පොලිස් වසමේ මැදගම ප්‍රදේශයට අද (17දා) ගොස් ඇති අතර, මැදගම දුම්රිය ස්ථානය ආසන්නයෙදි ගමන්කල යතුරු පැදියෙන් බැස දුම්රියට පැන තිබේ.
ඔහු පරසන්ගස්වැව හා මැදගම දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්ථානයෙදි උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනයවු යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රියට පැන තිබෙන අතර දුම්රියේ ගැටුණු කලමනාකරුගේ සිරුරට බරපතල හානි සිදුව තිබේ. පසුව දුම්රිය නවතා ගැනිමෙන් අනතුරුව සිරුර මැදවච්චිය දුම්රිය ස්ථානයට බාරදිමට දුම්රිය නිලධාරින් කටයුතු සිදුකර තිබුණි.
ඔහු පැමිණි කාන්තා යතුරු පැදිය හා ආරක්ෂිත හිස් වැස්ම පරසන්ගස්වැව පොලිසිය මගින් පොලිස් බාරයට ගෙන තිබුණි.
මරණයට පත්වු කලමනාකාරවරයා අනුරාධපුර නව නගර ශාඛාවේ සේවයේ නියුතුව සිටියදි 2017 වසරේදි එම ශාඛාවේ රන් ආභරණ සේප්පුව කිසියම් සොර කල්ලියක් විසින් ගෑස් කටර් ආධාරයෙන් කපා එහි තිබුණු රුපියල් ලක්ෂ හයසීයකට අධික රන් ආභාරණ තොගයක් සොරා ගෙන ගොස් තිබුණි. එම සිද්ධියට සම්බන්ධවු කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ මෙහෙයවු අපරාධ පරික්ෂණ දොපාර්තමේන්තුවට නොහැකිවු අතර එම විමර්ශනයන් සිදුකල නිලධාරින් කිහිප දෙනෙකුම මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාරගතව සිටි.
මියගිය කලමනාකාරවරයා කුමන හේතුවක් මත දිවිනසා ගත්තේද යන්න මෙතෙක් අනාවරණයවි නොමැති අතර මරණය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණ සිදුකරයි. පශ්චාත් මරණ පරික්ෂණය අද (17දා) අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේදි පැවැත්විමට නියමිතව තිබුණි.