රුපියල් ලක්ෂ 80කට අධික වටිනා හොරයින් මත්කුඩු ත්රීරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් බොරලැස්ගමුව අභයරත්න මාවත අසළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් සමග මත්කුඩු ග්රෑම් 60 තුනයි මිලි ග්රෑම් 350 හා රෝහලට යොදාගත් ත්රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
පිළියන්දල බෝකුන්දර ප්රදේශයේ සිට ගල්කිස්ස බඩෝවිට ප්රදේශයට ත්රිරෝද රථයකින් හොරෙයින් මත්කුඩු ප්රවාහනය කරන බවත් එම තිරෝද රථය තුළ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරන බවත් වැඩිදුරටත් අනාවරණ වූ තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් හොරණ කොළඹ ප්රධාන මාර්ගයේ බොරලැස්ගමුව අබයරත්න මාවත අසල රැඳී සිටියදී එම තීරෝද රථය පැමිණීමත් සමගම එය නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් සන්තකේ තිබු මත්කුඩු සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරු වයස අවුරුදු 32 හා 36 අතර පසුවන ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේ පදිංචිකරුවන්ය. සියලුම සැකකරුවන් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වෙත භාර දී ඇත.