පිටකොටුව ඔරලෝසු කණුව අසලදි ඊයේ (31) දින කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නීතිවිරෝධි දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනිමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකි විය.
මෙම දුමිවැටි සහිත කන්ටේනරය ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් නිතිවිරෝධිව ආනයනය කර ඇත.
මේ සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මක වන අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.