මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ දී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) ස්ථීර කළේය.
එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව සීමාවාසික පුහුණුව සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් එම විදුහලේ සිසුවියක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.