ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු 8දා සිට පැන නැගුණු ආසාදන වැඩිවීම හේතුවෙන් රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස රජයට ජනතාවගෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
වෛරසය මැඬපැවැත්වීම සඳහා පනවා ඇති දැඩි ක්‍රියාමාර්ගවලින් එකක් ලෙස මෙසේ ඇඳිරි නීතිය පනවනු ලැබීය.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්තය සෞඛ්‍ය හේතූන් මත මෙල්බර්න් හි රාත්‍රී ඇඳිරි නීතිය පනවා නොමැති නම් එය ඉවත් කළ හැකි බවයි.
නමුත් ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.
නමුත් මෙම රාත්‍රී ඇඳිරි නීතිය සමාජ මාධ්‍යවල විශාල කතාබහකට තුඩු දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් ගොඩනැගෙමින් තිබේ.