මාලදිවයින්හි බන්ධනාගාර ගතකර ඇති ශ්‍රී ලාංකියෙකු වන ළහිරු මදුශංක එයින් මුදවා ගැනීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
මාලදිවයිනේ රැකියාවක් අපේක්ෂාවෙන් එරටට ගිය ළහිරු. දැනට බලයේ සිටින මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයුම් මහතා ඝාතනය කිරීමට කළ සැලැස්මක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු ලෙස අත්අඩංගුවේ පසුවේ.
ලහිරු මධුශංක ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ස්නයිපර්වරයෙකු ලෙස සේවය කළ අයෙකු බවට මාලදිවයින් බලධාරීන් සැක කරයි. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකවේ කිසිඳු ආරක්ෂක අංශයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවේ. ළහිරු 2015 ඔක්. 24 දින සිට රිමාන්ඩ් භාරයට පත්ව සිටී.
මේ වන තුරු ඔහුට නීතිඥවරයකු, හෝ පවුලේ සාමාජිකයකු මුණගැසීමට ඉඩප්රස්ථාව ලැබී නොමැති අතර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඔහුගේ වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා අත්තේ ඔහු වදහිංසාවලට පවා ලක්වන බවයි.
මාලදිවයිනේ දැනට ඡන්දයෙන් පත්වී සිටින මාලදිවයින් ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන ඉබ්රාහීම් මොහොමඩ් සොලිහ් මහතා පසුගියදා මුණගැසුණු පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා එහිදී ලහිරු මදුශංක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබේ. තවද ඔහුට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බව තහවුරු කිරීමටද අමාත්‍යවරයා මෙහිදී සමත්වී ඇත.
ඉබ්රාහිම් මොහොමඩ් සොලිහ් මහතා ඒ බව පිළිගත් බවත්, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමටත්, ඉක්මන් විසඳුමක් ලබාදීමට එකඟ වන බවත් ඔහු පැවැසූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.