කරදිය ධිවර කර්මාන්තය හා මිරිදිය කර්මාන්තය පිළිබදව මාලදිවයින රජය සමග තාක්ෂණික දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ලංකාව සුදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ දින ධීවර අමාත්‍යංශයේදි මාලදිවයින තානාපති ඔමර් අබ්දුල් රසාක් මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවේදි ප්‍රකාශ කළේය.
මාලදිවයින මුහුදු සීමාවට අනවසර ලෙස ඇතුළත් වන ශ්‍රි ලාංකික ධිවරයන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග ගැන ද්වීපාර්ශික ගිවිසුමක් සකස් කොට එම ප්‍රශ්නවලට විසදුමක් ලබාගත යුතු බව අමාත්‍යවරයා යෝජනා කළ අතර, එම යෝජනාව මාලදිවයින තානාපතිවරයා විසින් පිළිගත් අතර යෝජනාව සකස් කිරීමට ශ්‍රි ලංකාවේ ධිවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට භාරදීමට මෙම සාකච්ජාවේදි එකගතාවයකට එළඹිණි.
එම හමුවේදි මාලදිවයිනේ මුහුදු ආහාර (කරවල,උම්මලකඩ) ආශ්රිත නිෂ්පාදන වලට ලංකාවේ හොද ඉල්ලීමක් තිබෙන බවත්, කොවිඩ් නයින්ටීන් උවදුර නිසා පසුගිය වකවානුවේ මාලදිවයිනේ සිට මුහුදු ආහාර ආනයනය කිරිමට තහංචි දැමීම පිළිබදව කනස්සල්ල පලකළ තානාපතිවරයා එම තහංචිය ලිහිල් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් කොවිඩ් නයින්ටීන් හේතු කොටගෙන එම ආහාර පමණක් නොව ශ්‍රි ලංකාවට වෙනත් රටවලින් ගෙන්වන භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවත්වූ බවත්,ඉතා ඉක්මනින් මේ පිළිබදව සලකාබැලීම ජනාධිපතිතුමා සමග සාකච්ජාකොට තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළේය.
මුහුදු ආහාර කටයුතුවල මාලදිවයිනේ තාක්ෂණික දැනුම, සාගර ආශ්රිත ධිවර කටයුතු පිළිබද මාලදිවයින සතුව ඇති තාක්ෂණය හා දැනුම සහ ශ්‍රි ලංකාව සතුව ඇති තාක්ෂණික දැනුම හා ධීවරයන් සතු පලපුරුදු, අත්දැකීම් දෙරට අතර ධිවර ජනතාවතුල හුවමාරුකර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවලක් සකස් කළයුතු බව මෙම සාකච්ජාවේදි එකගතාවයකට එළඹිය.