ශ්‍රී ලංකාව විසින් වරින් වර මාලදිවයිනට වැලි කියුබ් 8ක් පමණ අපනයනය කර ඇති ඇති බවත් මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතු වල නිරත ශ්‍රී ලංකා සමාගමක් සඳහා මෙසේ එම වැලි අපනයනය කර ඇති බවත් භූ විද්‍යා පතල් කාර්යාංශය පවසයි.
මාලදිවයිනේ ජල තටාක හා නළ ළිං සඳහා ජලය පිරිපහදු කිරීම වෙනුවෙන් මෙසේ ඛනිජ වැලි අපනයනය කර ඇති බවද එම කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාවෙන් මුහුදු වැලි අපනයනය කර මාලදිවයිනේ දූපතක් සෑදීමට සූදානම් වන බවට පළවන වාර්තා අසත්‍ය බවද එම කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ඛණිජ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව තුළ දේශීය කර්මාන්ත සඳහා යොදා ගනු ල බන වැලි ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය සුවිශේෂී අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතියකට යටත්ව පමණක් මිස අපනයනය කිරීමට තහනම් බවද කාර්යාංශය වැඩිදුරටත් පවසයි.