මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.
මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් පසුගිය දින දෙක තුළ මුහුදු ගමන් නොගොස් ඇත්තේ මුහුදු රළ රළුවීම නිසා වන අතර ඊයේ දින නැවත මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී අදාළ කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරලේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇති අතර අසල සිටි ධීවරයින්ගෙන්ද ඒ පිළිබඳව විමසා ඇත.
නමුත් ධීවරයින් පවසා ඇත්තේ අදාළ කොටි ධජයන් රාත්රි කාලයේදී කිසියම් පිරිසක් විසින් එලා ඇති බවටත් කිසිදු ධීවරයෙක් ඒ බව දැක නොමැති බවටත්ය.
මුලතිව් පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණයක් අරඹා ඇත.