මුලතිව් මුහුදේ සිදු වූ වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ගයන්ට අයත් මාලු විශාල ප්රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ ඊයේ (03දා) දින අල්ලා ගැනීමට හැකි වූ බව ධීවරයෝ පවසති.
මනර්කුඩිඉරිප්පු ප්රදේශයේ වැඩි වශයෙන් කරවල වෙළඳාම් සිදු කරන ධීවරයින් ජීවත් වන අතර එක වරම කුඩා තෝර , පරා ආදි මාලු මුහුදු වෙරළ ආසන්නයට ගොඩ ගැසීමත් සමග ධීවර පවුල්හි ලොකු කුඩා සෑම අයෙකුම දැල් ආම්පන්න යොදා ගනිමින් මාලු ඇල්ලීම සිදු කොට ඇත.