මුලතිව්, සාමිමලේහි ඇතිවී තිබෙන ධීවර ගැටලුව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් එළැඹෙන 22 දා උතුරේ සංචාරය කරන බවත් එහිදී විශේෂ සාකච්ඡාවක් පවත්වා එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවත්ය.