කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එම එළවලු හා පළතුරු දකුණට ප්රවාහනය කොට අලෙවිකරගැනීමට අවස්ථාවක් මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වැඩසටහනක් ආරම්භ කොට ඇත.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීප්ති ජවතිලක මහතාගේ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි මුලතිව් පුදුකුඩිඉරිප්පු ගොවීන්ගේ එළවලු හා පළතුරු මෙසේ යුදහමුදාවෙන් ප්රවාහනය කර දීමට පියවර ගනු ලබයි.
මුලතිව් දිස්ත්රීක් ලේකම් කාර්යාලයේද සහය ඇතිව මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු යුද හමුදා වාහන මගින් පළමු පියවර යටතේ කොළඹ හා කලුතර දිස්ත්රීක්කයන් වෙතට රැගෙන යාමට පියවර ගෙන ඇත.
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් පැවති ඇඳිරිනීතිය හමුවේ මුලතිව් ගොවීන්ගේ එළවලු හා පළතුරු අලෙවි කරගැනීමට නොහැකි වීමෙන් එම ගොවීන් දැඩි සේ අසරණ වී සිටි අවස්ථාවේ ඒ බව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට ගොවීන් විසින් දැනුම් දීමෙන් පසුව යුද හමුදාව විසින් මෙම පියවර ගනු ලැබීය.