ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදි බවත් ඔහු පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
ආණ්ඩුවට ලැබුණ ජනවරම වැරදියට යොදා ගනිමින් රට හමුදාකරණයට ගෙන යන බවත් පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විවාදයක් අවශ්‍ය බවද ඔහු පැවැසීය.
ආණ්ඩුව ඇත මිනිසුන්ට බදු සහන දී පොඩි මිනිසුන් බඩගින්නේ තැබූ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.