මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගිය අතර තුවාල ලැබු තවත් 09දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.