මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පොල් ආශ්‍රීත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයින් 53 කට කොරෝනා ආසාදනය වි ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොරෝනා ආසාදනය වි ඇත්තේ එම කර්මාන්ත ශාලාවට හලාවත, මාරවිරල , නාත්තන්ඩිය , හා කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ වලින් මෙම කර්මාන්ත ශාලාවට පැමිනේන සේවකයින් පිරිසකට බව කියයි.
මෙම කර්මාන්ත ශාලාවේ 300 කට ආසන්න පිරිසක් සේවයේ යෙදි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
එම කර්මාන්ත ශාලවේ සේවය කරන පිරිසෙන් 17 දින 150 ක පිරිසක් රැපිඩ් ඇන්ට්ජන් පරික්ෂාවකට යොමු කර තිබු අතර එහිදි 42 ක් කොරෝනා බවට සනාථ වි තිබු බව කියයි.
ඒ සමගම 18 දින 100 කට ආසන්න පිරිසක් යොදා ගෙන නැවත රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකර තිබු අතර (එයින් මේ මොහොත වන විට ලැබුන 18 සවස 4.30 දක්වා ) වාර්තා මගින් 11 දෙනෙකු ආසාදිතව ඇති බව සනාථ වි තිබේ .
ඉතිරි පිරිසේ ඇන්ටිජන් වාර්තා සවස් වන විට ලැබිමට නියමිතව තිබුනී.
මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් නීරෝධායන නීති අනුගමන නොකරමින් සේවයේ යෙදෙන බවට සති දෙකකට පෙර මාරවිල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික විජේසිංහ මහතාට තොරතුරු ලැබි තිබුනී.
එහිදි පොලිස් කන්ඩායමක් අදාල කර්මාන්ත ශාලව පරික්ෂා කිරිමේදි ඒ බව සනාථ වි තිබු මාරවිල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසයි .
එහිදි පොලිස් කණ්ඩායම විසින් මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැඩි අවවාද කර තිබුනී.
කෙසේ නමුත් පොලිසිය පවසන්නේ කර්මාන්ත ශාලා හිමිකරු නිසි සෞඛ්‍ය උපදෙස් පිලි නොපැදවිම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.
මේ වන විට ආසාධිත වි ඇති පිරිස කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.