ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.
එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
තවද එම රෝහල් සඳහා ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කිරිමටත් රෝහල් අධ්යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේ දී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේ දී මේ පිළිබදව අවධානය යොමු කිරිමටත් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී මෙම උපදෙස් ලබාදෙන ලදි. මෙම සමුළුවේදී රේඛිය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට අමතරව පළාත් සභා යටතේ පවතින මුලික රෝහලකට සී.ටී ස්කැනර් යන්ත්‍රයක් ලබාදීමට ද තීරණය විය.