බදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේ දි වනසත්ව දඩයම්පොළක් ඊයේ (13) සවස වැටලූ පොලීසිය එම ස්ථානයේ උගුලකට හසුකර මරා මස්කිරීමට සුදානම් වූ ඈයා නමින් හැඳින්වෙන වදවීයන සත්ව විශේෂයක් වන කබැල්ලෑවෙකුගේ ජීවිතය බේරාගැනීමට සමත් විය .
එම ස්ථානයේ තිබී වියලන ලද විවිධ දඩමස් කිලෝ 10ක්ද වනසතුන්ට කන්නට සලස්වා උන් ඝාතනය කිරිම සඳහා යොදගන්නා හක්කපටස් 25ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි .
ගම්මිරිස් වගාවකින් වටවූ කදුමුදුනක මෙම දඩයම්පොළ පවත්වාගෙන ගොස් තිබූ අතර එහි තිබූ ගංජා වගාවක අගල් 6 සිට අඩි1 දක්වා විවිධ ප්රමාණයට වැඩුන ගංජා පැළ 14ක්ද තිබූ බව පොලීසිය පවසයි.
වනසතුන් දඩයම් කිරිමට බදින තුවක්කුවක බටයක්ද පොලීසිය විසින් මෙහිදි සොයාගෙන තිබේ .
වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරු පළාගොස් තිබු නමුත් ඔහු හදුනාගත් බවත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බවත් පොලීසිය පැවසීය.
බේරාගත් කැබැල්ලෑවා වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු යොදා ඇත .
බදුල්ල - පාලිත ආරියවංශ