මේ මාසය හා අප්‍රේල් මාසය තුළදී මෙවර අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බවත්, එහෙත් අප්‍රේල් මාසයේ අවසන් කාලයේදී සංවහන වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට බොහෝ ප්‍ර‘දේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, මීට අමතරව සුළඟේ වේගයද ඉතාමත් අඩු මට්ටමක පවතින බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දහවල් කාලයේදී හිරු රශ්මිය බාධාවකින් තොරව පොළොවට පතිතවීම හේතුවෙන් වායුගෝලයේ රත්වීම ඉහළ ගොස් තිබෙන බවත්, මේ හේතුවෙන් පහළ වායුගෝලයේ පවතින අර්ද්‍රතාවය නිසා මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් පවතින ජලය කළමනාකරණය කරගනිමින් භාවිත කරන ලෙසත්, උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනතාව අවදානය යොමු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනාන්තර ගිනි ගැනීම සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාසික වර්ෂාපතනය ගණනය කිරීම යටතේ දිස්ත්‍රික්ක 25 තුළ මේ මාසයේදී හා අප්‍රේල් මාසයේදී ඇතිවිය හැකි වර්ෂාපතනය සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කයට මේ මාසයේ මාසික වර්ෂාපතනය මිලිමීටර් 169.5ක් හා අප්‍රේල් මාසයේදී මිලිමීටර් 281.6ක් ලෙස ඇතිවිය හැකි බවට අනුමාන කරන බවත්, කළුතර දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 219.6ක්, අප්‍රේල් මාසයේදී මිලිමීටර් 356.2ක්, ගාල්ල දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 210.1ක්, අප්‍රියෙල් මාසයේදී 305.6ක්, මාතර දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 173.1ක්, ලබන මාසයේදී මිලිමීටර් 220.5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 85.6ක් හා ලබන මාසයේදී මිලිමීටර් 105.6ක් ආකාරයෙන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අම්පාර දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලි මීටර් 101.8ක් හා අප්‍රියෙල් මාසයේදී මිලිමීටර් 83.5ක්, මඩකලපුවෙන් මේ මාසයේදී මිලිමීටර් 83.00ක්, ලබන මාසයේදී මිලිමීටර් 61.2ක්, ත්‍රිකුණාමලයෙන් මේ මාසයේදී මිලිමීටර් 54.8ක්, ලබන මාසයේදී මිලිමීටර් 62.00ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් මේ මාසයේදී මිලිමීටර් 40.5ක්, ලබන මාසයේදී මිලිමීටර් 78.5ක්, යාපනය දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 22.2ක්, ලබන මාසයේදී මිලිමීටර් 38.5ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 30.2ක්, ලබන මාසයේදී මිලිමීටර් 61.4ක්, මන්නාරමට මේ මාසයේදී මිලිමීටර් 46.2ක්, ලබන මාසයේදී මිලිමීටර් 100.8ක්, පුත්තලමට මේ මාසයේදී මිලිමීටර් 70.7ක්, ලබන මාසයේදී 156.0ක්, ගම්පහ දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 147.5ක්, ලබන මාසයේදී මිලිමීටර් 249.7ක්, කෑගල්ල දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 198.00ක්, ලබන මාසයේදී මිලිමීටර් 350.8ක, වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර 219ක් හා ලබන මාසයේදී 307.1ක් මොනරාගල දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 115ක්, ලබන මාසයේදී 163.4ක්, බදුල්ල දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර 137.8ක්, ලබන මාසයේදී මිලිමීටර් 211.4ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 85.3ක්, ලබන මාසයේදී මිලිමීටර් 109ක්, වව්නියාව දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 48.9ක්, ලබන මාසයේදී මිලිමීටර් 110.2ක්, අනුරාධපුරය දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර 61.6ක්, ලබන මාසයේදී මිලිමීටර 127.8ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 95.2ක්, ලබන මාසයේදී මිලිමීටර් 168.8ක්, මාතලේ දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 104.3ක්, ලබන මාසයේදී 168.8ක්, මහනුවර දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 119.3ක්, ලබන මාසයේදී මිලිමීටර් 211.3ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ මාසයේදී මිලිමීටර් 132.1ක්, හා ලබන මාසයේදී මිලිමීටර් 238.7ක වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.