බ්‍රිතාන්‍ය කොරෝනා වෛරසය ආශ්රිත මරණ 174ක් ගෙවුණු දිනයේදී වාර්තා කර ඇති අතර, එය මාර්තු 12දායින් පසුව දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ-19 මරණ සංඛ්‍යාව බව පවසයි.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ආශ්රිත මුළු මරණ සංඛ්‍යාව අද (24දා) දිනය වනවිට 131,854ක් ලෙස සටහන් විය. මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් වන්නේ ඔවුන්ගේ පළමු ධනාත්මක පරීක්ෂණයෙන් දින 28ක් තුළ මියගිය පුද්ගලයින්ගේ මරණ පමණක් බවද සඳහන් වෙයි.
බ්‍රිතාන්‍යයේ තවත් පුද්ගලයින් 30,838ක් ගෙවුණු දිනයේ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර ඒ සමග එරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,555,200 දක්වා ඉහළ ගොස් තිබේ.
එරට දත්තවලින් පෙන්නුම් කළේ අගෝස්තු 13දා දක්වා වූ සතිය තුළ බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 652ක් වාර්තා වී ඇති බවය.
කෙසේ වෙතත් මෑත සති කිහිපය තුළ නවතම ආසාදන සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, එන්නත ලබාදීමේ දියුණුවට ස්තූතිවන්ත වන්නට, පසුගිය ශීත සෘතුවේදී සිදු වූ මරණ සංඛ්‍යාවේ උපරිමයට වඩා මරණ සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩුය.
බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයින්ගෙන් 87%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු එන්නත ලබාදී ඇති අතර 77%කට වැඩි පිරිසකට එම මාත්‍රාවන් දෙකම ලැබී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.