මොරගහහේන පොලිස් වසමේදී ගිනි අවියක් පෙන්වා රුපියල් 210000ක් වටිනා යතුරු පැදියක් කොල්ලකෑමක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු මරණ දඬුවම නියම වී වසර 19ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට අභියාචනා කිරීමෙන් පසු මීට මාස තුනකට පෙර නිදහස් වී ඇති අවුරුදු 46ක් වන වාද්දූව පදිංචි ලක්ෂ්මන් ජගත් ෆොන්සේකා නොහොත් දෙල්දූව ජගා වෙයි.
මෙම සැකකරුට විරුද්ධව කොල්ලකෑම් හා මිනීමැරීම් කිහිපයකට සම්බන්ධව නඩු විභාග වෙමින් පවතින බවත් පොලීසිය පවසයි.
සැකකරු සමග ශ්රී ලංකාවේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවි 01, මිලි මීටර් 9 උණ්ඩ 04 හා කොල්ලකන ලද යතුරු පැදියද අත්අඩංගුවට ගෙන තිබේ.