මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කුමන අභියෝග මධ්‍යයේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවද ජනාධිපතිවරයා පැවසුවේඅතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31දා) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේය.
රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව අත්වැල් බැඳගෙන අවසන් බව කී ජනාධිපතිවරයා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බවද කියා සිටියේය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීතිරීති මේ වනවිට ශක්තිමත් කර තිබෙන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානුද මේ වනවිට තමා තීරණය කර අවසන් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
මතින් නිදහස් රටක් වෙනුවෙන් මෙහිදී විශේෂ දේව මෙහෙයක් සිදුකළ අතර, අනතුරුව බස්නාහිර පළාත් කතෝලික දෙව්මැදුර අසල සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක්ද සිදු කෙරිණි. ඉන්පසු පස්වරුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි, ග්‍රැන්ඩ්පාස් සාන්ත ජෝශප්, වත්තල සාන්ත මරියා දෙව්මැදුරුවලින් පැමිණි විරෝධතා පා ගමන් මෝදර විට්ස්වයික් උද්‍යානයට එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.