ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මොරටු සමන් නමැත්තාගේ ගෝලයකු ජීව අත් බෝම්බයක් සහ හොරොයින් මත්කුඩු සමග මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
මත්කුඩු ග්‍රෑම් පහක් හා විදේශීය රටක නිෂ්පාදිත ග්‍රෙනේඩ් වර්ගයේ ජීව අත්බෝම්බයක් පොලිසිය භාරයට ගෙන ඇත .
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකක 11 හි නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව විශේෂ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
2003 වසරේදී මොරටුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ මොරටු සමන් නමැත්තා ගේ සමීපතම ගෝලයකු වන සුමිත් නැමැති පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ තොප්පි චමින්ද නැමැත්තා විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී දී ඝාතනයට ලක් කළ අතර ඔහුගේ රියදුරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර තිබූ බව පස්සේ කිරීමේදී වැඩිදුරටත් අනාවරණ වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
හතළිස් හැවිරිදි සැකකරු මොරටුව කටුබැද්ද රුද්‍රිගු මාවත පදිංචිකරුවෙකි .
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මොරටුව පොලිසිය වෙත භාර දී ඇත .
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 11 හි නිලධාරීන් හා මොරටුව පොලීසියේ ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ