බුදුරජාණන් වහන්සේ කාන්තාවට භික්ෂුනී සසුනේ දොර විවෘත කර දුන්නද මෙරට භික්ෂුණීන් වහන්සේලාට මූලික අයිතිවාසිකම් හෝ නොමැතිව දැඩි අසරණව සිටින බවත් වර්තමාන ආණ්ඩුවෙන් හෝ තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව භික්ෂුණී ශාසනයේ ,වැඩසිටින භික්ෂුණීන් වහන්සේලා වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටිති.
භික්ෂුණී ශාසනය ආරම්භ කළ බිනර පොහෝ දිනයේ භික්ෂුණීන් වහන්සේලා ලෙස මෙරට සිල්මාතාවන් පළමුවෙන් වසර නවසියකට පසුව උපසම්පදා කළ දඹුල්ල සීමා මාලකයේ පොහොය විනයකර්ම සඳහා පැමිණි අවස්ථාවේ උන් වහන්සේලා මේ බව පැවසූහ.
පසුගිය 2003 සහ 2004 වසර දෙකෙහි භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත නිකුත් කළද එදා සිට මේ දක්වාම ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම අත්හිටුවා ඇති බව උන්වහන්සේලා පෙන්වා දෙති.
මැතිවරණ සමයක් ලංවෙද්දි තාවකාලික හැදුනුම්පතක් ලබාදී ප්‍රශ්න විසඳා දෙන බව සෑම බලයට පත්වූ රජයක්ම පොරොන්දු වී ඡන්දය පමණක් භික්ෂුණින් වහන්සේලාගේ ලබාගත් බව උන්වහන්සේලා චෝදනා කරති.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි භික්ෂුණී ආරාම පවතින බවත් සාමණේර භික්ෂුණීන් වහන්සේලාට දහම් අධ්‍යාපනය ලබාගැනීම උසස් අධ්‍යාපනය ලබාගැනීම ආදී කරුණු රැසක් නිසා ලියාපදිංචි වීමක් හැදුනුම්පතක් නොමැතිවීම නිසා බරපතළ අසාධාරණයක් සිදුවී ඇති බවත් භික්ෂුණී සසුනට අලුතින් සාමණේර භික්ෂුණින්ලා එකතු නොවන බරපතළ ප්‍රශ්නයක් ද පවතින බව උන්වහන්සේලා පෙන්වා දෙති.
කුරුණෑගල ප්‍රදේශයේ භික්ෂුණීන් වෙනුවෙන් රෝහලක් ඉදිකොට තිබූ භික්ෂුණී වාට්ටුව පවා කඩා බිඳ දැමූ බව එම භික්ෂුණින් වහන්සේලා බරපතළ චෝදනාවක් කරති.
මෙරට 3000කට අධික භික්ෂුණින් වහන්සේලා වැඩ සිටින බවත් උන්වහන්සේලා සෑම අවස්ථාවකම ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරමින් සිටින බව ද පෙන්වා දෙති.
ආරාම ලියාපදිංචි නොකර සිටීම හැඳුනුම්පත් නිකුත් නොකර සිටීම සාමණේර භික්ෂුණින් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය අහිමි කර තිබීම දහම් අධ්‍යාපනය අහිමි කර තිබීම ආදී බරපතළ මානසික ගැටලු රැසකට මෙරට භික්ෂුණීන්වහන්සේලා පත්ව ඇති බව උන්වහන්සේලා චෝදනා කරති.
කෙසේ වෙතත් වසර ගණනාවක් ගත වී ඇතත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුවණක් පිරිසකින් මෙරටට භික්ෂුණිය අකමැති ඇත්තේ මන්දැයි උන්වහන්සේලා බලධාරින්ගෙන් ප්‍රශ්න කරති.
කාංචන කුමාර