අද (14) උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතරොම් සහිත තුවක්කුවකින් වෙඩි තබා පළාගොස් තිබේ.
මෙම වෙඩි තැබිමෙන් එම නිවස ඉදිරිපිට සිටි බස්රථ හිමිකරුවෙකු හා තවත් තරුණයෙකු මිය ගොස් තිබේ.
බස්රථ හිමිකරුගේ පුත්රයා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවි ඇති බවට අනාවරණය වි ඇත.
වෙඩි තැබිම සිදු කර එක් අයෙකු හදුනා ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන සිදු කරයි.