මාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබාදීමට කාලය එළඔ ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එබැවින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගතහැකි නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයාබලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය කඩිනම් කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීමට කටයුතු කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
මේ වන විට ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වන බැවින් ගාල්ල, රූමස්වල, උනවටුන ආදී සංචාරක කලාප තුළ පවතින මාර්ග ඉක්මනින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.