මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇත්නම් දැනුම්දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂ ඒකකය ස්ථාපිත කර තිබේ.
පසුගිය ජූලි 23 වැනිදා කළුගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව 011-2034159 දුරකථන අංකය සහ 011-2879976 යන ෆැක්ස් අංකය ඔස්සේ මේ පිළිබද සාක්ෂි සහිතව තොරතුරු දැනුම් දීමේ හැකියාව ලැබෙන අතර ,අධ්යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල, යන ලිපිනයට පැමිණිලි යොමු කළ හැකිය.
රුපියල් කෝටි 23,000ක වියදමින් කි‍්‍රයාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කිසිදු අක්රමිකතාවයකින් තොරව විධිමත්ව සහ කාර්යක්ෂමව නිමාකර එහි සියලු ප්රතිලාභ ජනතාවට ලබාදීම ජනාධිපතිවරයාගේ අපෙක්ෂාව බවද ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.