උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අවුරුදු 5ක කාලයක් මහ ඇමති පුටුයේ සිටියත් උතුරට සංවර්ධනයක් කරන නොමැති බවත් ඔහු දෙමළ ජනතාවගේ ලේ කුපිත කරනවන බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“විග්නේෂ්වරන් මහත්මයාට උතුරේ මහ ඇමති ධූරය ලැබෙන්නත්, ඒ සඳහා යුක්ති සහගත මැතිවරණයක් උතුරේ පවත්වන්නත් පුළුවන් උනේ ආරක්ෂක අංශ කරපු ජීවිත පරිත්‍යාග නිසා. එතුමා අද ඔය පුටුවේ ඉන්නේ ඒ නිසා. දෙවන කාරණය එතුමාට දැන් අවුරුදු 5ක් උතුර භාර දුන්නා. ඒ කාලය ඇතුළත මේ පළාත් සභා බලතල පාවිච්චි කර එතුමා උතුරට බලගතු සංවර්ධනයක් සිදු කර තිබෙනවා නම් ඔය යුධ ස්මාරක එච්චර වැදගත් වෙන්නේ නැහැ. එතුමාගේ සංවර්ධන ස්මාරක පෙන්වලා කටයුතු කරන්න පුළුවන්.
විග්නේෂ්වරන් මහත්මයාට කියන්න කිසිම සංවර්ධන ස්මාරකයක් නැහැ. පහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා. ස්මාරක නෙමෙයි ප්‍රශ්ණය. අද රටට අවශ්‍යයි ඔබතුමාගෙත් රටේ අනෙකුත් අයගෙත් සංවර්ධන ස්මාරක උතුරට.
දෙමළ ජනයාගේ ලේ කෝප කර මේ ගමන විග්නේෂ්වරන් මහතා යන්නේ ඉතින් ඒ අඳුරු අතීතයට නැවත රට අරගෙන යාම තමයි එතුමාගේ උවමනාව. ඉතින් අපිනම් ඕවට කලබල වෙන්නේ නැහැ. විග්නේෂ්වරන් මහත්මයාටත් ඕනේ දකුණ කලබල කරලා තමන්ගේ ඡන්ද ගොඩ ලොකු කර ගන්න. උතුරේ විශේෂයෙන්ම උගත් පරපුරෙන් අපි ඉල්ලා සිටිනවා අතීතයට රට අරන් යන්න එපා.”