කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවත්ය.
අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සඳහන් කර සිටියේය.