මාරක අනතුරු වලින් ඊයේ දිනයේදී පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම මරණ 14න් 9ක්ම ඊයේ දිනයේදී සිදුවු රිය අනතුරු 7කින් සිදුව තිබේ. මීට පෙර රිය අනතුරු 4කදී තුවාල ලබා සිටි පුද්ගලයන් 5ක්ද ඊයේ දිනයේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරුවන් අතරින් 5ක් යතුරුපැදිවල ගමන් කල අය වන අතර 4ක් පාපැදිවල ගමන් කළ අය වෙයි.
මාර්ග සංඥා නොසළකා රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙම මරණවලට හේතුව වී තිබේ.