කොවිඩ්-19 වසංගතය හමුවේ මොරොක්කෝවේ සෞඛ්‍ය සේව අඩපණ වී ඇති අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ විරෝධතා අවුලුවන ආකාරයෙන් ආසාදන ඉහළ යෑම තුළ මොරොක්කෝව සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමක් සිදුවිය හැකි බවට 6 වැනි මොහොමඩ් රජු අනතුරු අඟවයි.
පසුගිය ජුනි මස අගදී මොරොක්කෝව මාස තුනක දැඩි අගුලු දැමීමක් කරනු ලැබීය. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 15 වැනි දින වාර්තාගත ඉහළම ආසාදිත අගය ලෙස ආසාදිතයන් 1,766ක් දෛනිකව වාර්තා වීමත් සමග ජාතික වශයෙන් මේ වනවිට දෛනික ආසාදන 1,000 ඉක්මවමින් ඇති බව වාර්තා වෙයි.
"ආසාදිතයන් දිගින් දිගටම වැඩි වුවහොත්, කොවිඩ්-19 විද්‍යාත්මක කමිටුව තවත් අගුලු දැමීමක් නිර්දේශ කරනු ඇති අතර, සමහර විට පැවති සීමාවන්ටත් වඩා දැඩි සීමාවන් තිබිය හැකියි" රජු අනතුරු අඟවමින් කීවේය.
බ්‍රහස්පතින්දා වනවිට මොරොක්කෝවේ රෝගීන් 47,638ක් වාර්තා වී ඇති අතර, මරණ 775ක් ඒ අතර වෙයි.