පවතින සංචරණ සීමා එළඹෙන 31 වැනිදා සහ 04 වැනිදා ලිහිල් කිරීමට තීරණය කර තිබුණද එය වෙනස් වීමට ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ මිනුවන්ගොඩදී අද (27දා) පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදීය.
ඒ අනුව සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට සිදුවන හෙයින් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවද ඔහු කීය.
"සෑම අවස්ථාවකම අපට සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කටයුතු කරන්නයි. අප අද මුහුණ දෙන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා.
පළවෙනි අභියෝගය තමයි දැනට පවත්වාගෙන යන සංචාරක සීමා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම.දැනට තිස් එක් වෙනිදා ලිහිල් කරන්න තීරණය කරගෙන තිබුණත් එය වෙනස් වීමට ඉඩ තිබෙනවා.
හතරවෙනිදත් සමහරවිට සංචාරක සීමා ලිහිල් කරන එකක් නැහැ. හතර වෙනිදායින් පස්සෙත් දින කිහිපයක් සංචාරක සීමා ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙන නිසා අපි සූදානම් වෙන්න ඕනේ.
ගම්වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙවල් වලටම ලැබෙන විදිහක් සකස් කරන්න අපට වගකීමක් තිබෙනවා.
ඒ වෙනුවෙන් අපි පහුගිය දවස්වල ග්‍රාමීය කමිටුව රැස් කරලා ගමේ තැන් දෙකකින් කඩ දෙකක් හඳුනා ගැනීමක් කරලා විවෘතව තැබීමටයි යෝජනා වුණේ. ඊට අමතරව ජංගම සේවා වලට ප්‍රමුඛතාවයක් දීම වැදගත්. එහෙම කරගන්න පුළුවන් වුණොත් ගමේ කිසි කෙනෙකුට එළියට බහින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ" යැයි ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.