මැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.
උපුල් රෝහන මහතා පවසා සිටින්නේ මේ වන විට කොරෝනා තුන්වන රැල්ල ව්‍යාප්ත වීමේ අවධානම් තත්ත්වයක් මතුව තිබෙන වටපිටාවක් තුළ මැයි දින රැලි පැවැත්විම දැඩි අවධානමක් බවයි.
“මේ වන විට රට පුරා නැවත හිස ඔසවමින් පවතින්නේ අවුරුදු සමයේ කෝවිඩ් ආසාධිතයින් නොවෙයි.
එයට සති කිපයකට පෙර කෝවිඩ් වෛරසයේ ආසාදිතයින් තමයි මේ වන විට වාර්තා වෙමින් තිබෙන්නේ.
අවුරුදු සමයේ ආසාදිතයින් වාර්තා වෙන්න තව සති දෙකක් (දින 14 කට ආසන්න කාලයක් ) තිබේනවා .
ඒ නිසා යම් හෙයකින් මැයි රැලි පැවතුනහොත් මේ තත්වය දරුණු වීමට තිබෙන ඉඩකඩ වැඩියි.
ඒ නිසා සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලිම් කරන්නේ මැයි දින රැලි නිසා තවත් කොරෝනා රැල්ලක් බිහි කිරිමට ඉඩ නොතබන ලෙසයි”
හිරාන් ප්‍රියංකර
VIDEO