ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (24) දිනය අවසන් වනවිට 192,994 ක් හා මියගිය පිරිස 25,969 දක්වාත් සුවය ලැබු පිරිස 60,498 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ක්‍රියාකාරි මට්ටමේ ආසාදිතයන් 106,527 ක් සිටින බවත් එම පිරිසෙන් ආසාදිතයන් 82,286 ක් නිවෙස්වලම හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් 22,068 ක පිරිසක් රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් තුල ප්‍රතිකාර ගනිමින් සිටින අතර ආසාදිතයන් 2173 ක් රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මැයි මස 4 දා සිටි ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමට නියමිත අතර ඉන්පසු සති 4 ක කාලයක් තුල ක්‍රමයෙන් ආපනශාලා රෙස්ටොරන්ට් හා අනෙකුත් වෙළඳ සැල් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ විවෘත කිරිමට නියමිත බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දුු