ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන විදේශ කටයුතු අමාත්‍ය මෙතෝගි තොෂිමිත්සු මහතා ආරාධානා කළේය.
ජනපති ලේකම් කාර්යාලයේදී අද (13දා) ජනපති හා ද්විපාර්ශ්වීය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේම ආරාධනාව කළේය.
‘ආසියාවේ මිතුරන්’ නමති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ලබන මැයි මාසයේ දී ජපානය සත්කාරකත්වය ලබා දෙන බවත්, එහිදි ජපානයට පැමිණෙන ලෙසත් ඔහු ආරාධනා කළේය.
මේ සඳහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.