මියන්මාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරට රදවා සිටි ශ්රී ලාංකික ධීවරයින් 12 දෙනා නිදහස් කිරීමෙන් පසුව , ඊයේ දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ධීවරයින් පිරිස ඊයේ දින රාත්රී 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
තම ධීවර යාත්රා වල ඇංජින් ක්රියාවිරහිත වීමෙන් පසුව මෙම ශ්රී ලාංකික ධීවරයින් පිරිස මියන්මාරය වෙත ගසා ගෙන ගොස් තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ධීවරයින් පිරිස නීරෝධායන ක්රියාවලිය සදහා ශ්රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි.