මියන්මාරයේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමට එරෙහිව ලොව පුරා පැවැති විරෝධතා ජපානයේ ටෝකියෝ දක්වා ව්‍යාප්ත වී තිබේ.
ලොව පුරා බොහෝ උද්ඝෝෂණ සිදුවෙමින් පවතින්නේ, දැන් මියන්මාරයේ හමුදාව එරට ප්‍රබලයන් අත්අඩංගුවට ගනිමින් වසරක හදිසි තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත්කිරීමත් සමගිනි.
ජාතික හදිසි අවස්ථාවලදී පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දී ඇති බව පැවසූ හමුදාව, රාජ්‍ය බලය ආරක්ෂක සේවා අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇති අතර, පළමු උප සභාපති යූ මයින්ට් ස්වී දැන් වැඩබලන ජනාධිපති ලෙස සේවය කරන බවද කීය. එසේම කැබිනට් මණ්ඩලයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ද සිදුවන බව කියැවෙයි.
කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ රටේ ජනාධිපති යූ වින් මයින්ට්, රටේ නිල නොවන ප්‍රධානියා මා උපදේශක ලෙස කටයුතු කළ අවුන් සාන් සූ කී ඇතුළු රජයේ ප්‍රබලයන් හමුදාව විසින් රඳවාගෙන සිටින බවද වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපද රජය මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවීමට තර්ජනය කර ඇති අතර, ගැටලුව විසඳීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසියක් කැඳවනු ලැබීය. කෙසේ වෙතත් මෙය රට තුළ පැන නැගී ඇති අර්බුදයක් නිසා එය වඩාත් සාමකාමීව රට තුළම විසඳා ගනු දැකීම තම අපේක්ෂාව බව චීනය පවසා තිබේ.